බ්ලූමැන්ඩල් කුණු කන්ද ඉදිරි වසර තුනක කාලය තුළතදී වරාය පිවිසුමක් හා විහාර මහා දේවි උද්‍යානය වැනි පොදු ජනතාවට භාවිත කළ හැකි උද්‍යානයක් බවට පත්කරන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එසේම කොළඹ කුණු ගැටලුව ඇතැම් පිරිස් රූපවාහිනිය ඉදිරියේ රග දක්වන රියැලිටි වැඩසහටනක් බවට පත්කරගෙන ඇති බවත් කොළඹ කසළ වැළක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ග සියල්ලම දේශපාලනය හා පාතාලය නිසා අඩාල වූ බවද ඔහු සඳහන් කළේය.
කොළඹ වෙසෙන්නේ ලක්ෂ 6.5ක පමණ ජනතාවක් වුත් දිනපතා කොළඹට ලක්ෂ 10ට අධික ප්‍රමාණයක් පැමිණෙන බවද ඔහු පෙන්වා දුන්නේය.දිනපතා කොළඹට එකතු වෙන කසළ ප්‍රමාණය කොළඹ කසළ පමණක් නොවන හෙයින් කට්ටිවාදය එපා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
කසළින් තොර නගරයක් අවශ්‍ය බව පෙන්වාදුන් අමාත්‍යවරයා මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව ගැටලුව අවසන් කිරිමට අදාළ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 වසර වන විට ශ්‍රී ලංකාවට නව කසළ ප්‍රතිපත්තියක් හඳුන්වාදිය හැකි බවද පැවැසීය.
සාමාන්‍යයෙන් කසළ කිලේවක් ප්‍රතිචක්‍රීකරණයට රුපියල් 7 - 10ක මුදලක් වැය වන බවත් එම මුදලට ගෙවීමට හැකිනම් කසළ ගැටලුව අවසන් කිරීම කිසිඳු ගැටලුවක් නැති බවත් ඔහු පැවැසීය.