හෙට දිනයේදී දිවයිනේ නිරත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය විය හැකි බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම කොළඹ, කලුතර, ගම්පහ, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවලට මිල මීටර් 75 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද (01දා) මධ්‍යාහ්න 12ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඊට අමතරව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්ය.
වැසි ඇතිවන විට දිවයින හරහා විටින් විට පැයට කිලෝමීට් 50 දක්වා වේගවත් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.