කොස්ගම පරණ පොළ අසලදී අද දහවල් 1.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි නන්නාදුනන පිරිසක් විසින් සිදු කළ වෙඩි පහරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
කඩුගොඩ පදිංචි අවු. 28 ක් වයසැති චමින්ද පුෂ්පකුමාර මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත.
මියගිය අයගේ හිසට සහ උදරයට වෙඩි ප්රහාර එල්ල වී ඇති අතර මොහු අවිස්සාවේල්ල උසාවියේ විභාග වන නඩුවක විත්තිකරු ලෙස වගඋත්තර ලබාදී පැමිණෙන විට මෙම ප්රහාරයට ලක්වී ඇත.
අවිස්සාවේල්ල - කළුඅග්ගල විමලසිරි