කෝස්ගම අවි ගබඩාව පිපිරීමේ වගකීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බාරගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පැවැසීය.
අද (09දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ 2009 වසරේදී යුද්ධය අවසන්වී අවුරුදු හයක් ගතවනතුරු පසුගිය ආණ්ඩුව පැවැතියත් ආයධ ගබඩාව ඉවත්කිරීමට එම ආණ්ඩුව කටයුතු නොකළ බවයි.
එසේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන ආකාරයට කොස්ගම අවි ගබඩාව වෙනත් තැනකට යොමු කිරීමට අවධානය යොමුව තිබුණානම් ඒ පිළිබඳව නියෝග ලබාදුන් ලිඛිත ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.