සාලාව කඳවුරේ පිපිරීමෙන් විනාශවූ කොස්ගම රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් තාවකාලිකව බාහිර රෝගී අංශයක් විවෘත කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.
එම රෝහලේදී හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේ, මේ සම්බන්ධව තමන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කළ බවයි.
මේ වනතුරු රෝහල පිහිටි ප්‍රදේශයට කිසිවෙකුට ඇතුළු විය නොහැකි බවත්, රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය බවත් වෛද්‍ය නිලධාරිවරයා කීය.
පිපුරුම් සිදුවන අවස්ථාවේදි කාර්යමණ්ඩලය 07 දෙනෙකු සහ රෝගීන් 10 දෙනෙකු සිටි බවත්, ඔවුන්ට අනතුරක් සිදුවී නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.