කොස්ගම සාලාව යුද හමුදා කදවුරෙහි අවි ගබඩාව පිපිරීම හේතුවෙන් හානියට පත්වූ කොස්ගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශය සහ සායනික අංශ අද (09) සිට අකරවිට විද්‍යාලයේ ආරම්භකරන බව කොස්ගම රජයේ රෝහලේ ආයතන භාර නිලධාරී වෛද්‍ය ඩී. එස්. කේ ලියනගේ මහතා පැවසීය.
එමෙන්ම රෝහලේ විනාශවී ගිය ගොඩනැගිල්ල නැවත ප්‍රතිසංස්කරණය කරන තුරු නේවාසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ නොකර බවද එවැනි රෝගීන් අවිස්සාවෙල්ල රෝහලට යොමුකරන බවද ඒ මහතා පවසා සිටියේය.
ඡයාරූපය - ශමීර රාජපක්ෂ