සාලාව අනතුරින් විපතට පත් පිරිස් වෙත සහන සැලසීම සහ විනාශයට පත් නිවාස සහ දේපල අලුත්වැඩියා කිරීම තවදුරටත් සිදුකෙරේ. ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ පැය 24 පුරා කටයුතු කරමින් සිටින අතර රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පළාත් පාලන ආයතන ඇතුළු වෙනත් ආයතන විශාල සංඛ්‍යාවක් ආරක්ෂක අංශ සමග කටයුතු කරමින් සිටියි. ඒ අනුව එම ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය කරන අතර කඩිනමින් ආලභහානි වූ නිවාස විශාල සංඛ්‍යාවක් නැවත යථාතත්වයට පත්කිරීමට ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කොට ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි..
යුධ හමුදාව වාර්තා කරන ආකාරයට මේ වනවිට පිපිරීම හේතුවෙන් අවතැන්ව බොරළුගොඩ විහාරස්ථානයේ නවාතැන්ගෙන සිටි ප්‍රමාණය ඊයේ දින වනවිට (ජුනි13 ) වනවිට පවුල් 24 ක දක්වා සීමාවී ඇත. එමෙන්ම ඊයේ දින උදෑසන වනවිට පවුල් 25 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් අලුත්වැඩියා කල ඔවුන්ගේ සුපුරුදු නිවාස වෙත පැමිණ ඇත. තවද නිවාස අහිමි හෝ අර්ධ වශයෙන් අලාභාහනියට පත් නිවාස ලාභීන් සඳහා රුපියල් 50000/= මුදලක් මාසිකව මාස 3ක් දක්වා ලබා දීමට කටයුතු කර ඇත.