කොස්ගම සිදු වූ පිපිරීම උදාහරණයක් සේ සලකා උතුරේ පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කිරීමට ජනාධිපති හා අගමැති පියවර ගත යුතු බව දේමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියයි.
ඊයේ (07දා) යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් පැවැසුවේ
“දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල හමුදා කඳවුරු කිහිපයක්ම තියනවා. එම හමුදා කඳවුරු තියෙන්නේ ජනශූන්‍ය ප්‍රදේශ වල නෙමෙයි. හැම හමුදා කඳවුරක්ම තියෙන්නේ සිවිල් ජනතාව වාසය කරන ප්‍රදේශවල.යාපනය , වව්නියාව , මුලතිව් , කිලිනොචචි හා මන්නාරම් දිස්ත්‍රික්කවල කිසියම් පිපිරීමක් වුවහොත් ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වනවා.” යනුවෙනි.