අවිස්සාවේල්ල කොස්ගම සාලාව කඳවුරේ පතුරම් ගබඩාව පුපුරා යාමෙන් විපතටපත් සාලාව කොස්ගම ප්‍රදේශවාසීන් ගේ පාසැල් යන දු දරුවන් 1349 දෙනෙකු වෙනුවෙන් නව පාසැල් පොත් ලබාදීම අද දින (13) කලුඅග්ගල දොන් බොස්කෝ විද්‍යාලයේදී සිදුවිය. මේ අවස්ථාවේ එය සංකේතවත් කරමින් සිසුන් 126 දෙනෙකුට පාසල් අභ්‍යාස පොත් පිරිනැමුණ අතර අද දිනයේ ඉතිරි අයවලුන්ට හිමි පොත් පත් බෙදා දීමට නියමිතය. මෙය කාණ්ඩ තුනක් ඔස්සේ සිදු කෙරුණි. පළමු වසර සිට පහ වසර දක්වා (01-05 වසර ශ්‍රේණි), හය වසර සිට නවය වසර දක්වා (06-09 වසර ශ්‍රේණි) සහ 10 වසර සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි සඳහා වෙන් වශයෙන් පාසල් පොත් ලබා දීම සිදුවිය.
මෙම අවස්ථාවට සමගාමිව පාසල් සිසුන් වෙනුවෙන් යුධ හමුදාව වෙති පාසැල් ඇඳුම් මැසිමේ ව්‍යාපෘතියක්ද අද දින ආරම්භවිය. ඒ අනුව යුධ හමුදාවට අයත් නිල ඇඳුම් නිෂ්පාදනයකරණ “රණවිරු ඇපරල්ස්” ආයතනය මගින් පාසල් සිසුන්ගේ ඇඳුම් සඳහ අවශ්‍ය මිමි ලබා ගැනීම ආරම්භවිය. ඒ අනුව විපතටපත් පවුල්වල සිසුන් සඳහා උසස් තත්වයේ පාසල් නිල ඇදුම් නුදුරේදී හිමිවනු ඇත.
මේ අවස්ථාවට යුධ හමුදාපති නියෝජනය කරමින් ස්වේච්ඡා බලසේනාධිපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා, සීතාවක් ප්‍රාදේශිය ලේකම්, හෝමාගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ, ආරක්ෂක ආඥාපති බටහිර පලාත, ප්‍රදේශයේ පාසල් වල විදුහල්පතිවරුන් ගුරුවරින් සහා පාසල් සිසුන් විශාල සංඛ්‍යාවක් මේ අවස්තාවට් සහභාග වී සිටිය.