කොස් ලංකා ආයතනය ජී20 ආයතනයෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර ඇත. කොළඹ මහාධිකරණයේදී ඔවුන් මෙම නඩුව ගොනු කර තිබේ.
එම නඩුවට අදාළව කොස් ලංකා ආයතනයේ කීර්තිනාමයට හානියක් හෝ පාඩුවක් සිදුවන ආකාරයෙන් සහ/හෝ නිග්රයක්, අපහාසයක්, අපකීර්තියක් හෝ අවතක්සේරුවක් සිදුවන ආකාරයෙන් හා කොස් ලංකා ආයතනය පිළිබඳව මහජනතාව නොමග යැවීමේ අරමුණින් කටයුතු කිරීම ජී20 ආයතනයට වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් වාරණ නියෝගයක්ද නිකුත් කර ඇත.