කොලොන්නාව ඉන්ධන ගබඩා පර්යන්තයෙහි නව ටැංකියක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් දින 30කට වත් ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් පවත්වාගෙන යෑම මේ හරහා අපේක්ෂා කරයි.
එම අරමුණ ඉටුකර ගැනීමට තවත් මෙට්‍රික් ටොන් 100,000ක අමතර ගබඩා ධාරිතාවක් අවශ්‍ය වේ යැයි ගණන් බලා තිබේ. එහි මූලික පියවරක් වශයෙන් පෙට්‍රල් ඝන මීටර් 15,000ක ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.
අභ්‍යන්තර පාවෙන වහලක් සහිත (Internal Floating Roof) ඉන්ධන ගබඩා ටැංකිය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 412.78ක කොන්ත්‍රාත්තුව Ms.indo East Engineering and Construction (lanka) Pte.LTD සමාගමට පිරිනමා ඇත.