සෝමාලියානු මුහුදු කොල්ලකරවන්ගේ ග්රහණයට ලක්ව ඇති ඒරිස් 13 නෞකාව ආසන්නයට ගොස් ඇති සෝමාලියානු මුහුදු ආරක්ෂක බළකාය සාමාජිකයන් හා කෙල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කොල්ලකරවන්ට සැපයුම් සඳහා ගිය බෝට්ටුවක ගමන වැළැක්වීම සඳහා මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මේ පිළිබඳව රොයිටර් පුවත් සේවයට අදහස් දක්වා ඇති කොල්ලකරුවෙක් පවසා ඇත්තේ සිය වෙඩි පහරින් සෝමාලියානු ආරක්ෂක අංශ සාමාජිකයෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ එම චෝදනා ප්රතික්ෂේප කර තිබේ. සිද්ධිය සිදුවූ ප්රදේශයට ආසන්නේ ජිවත්වන ජනතාව වෙඩි තැබීමක් සිදුව ඇති බව තහවුරු කර තිබේ.