“මගේ මහත්තයා මේ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති නැවේ සේවයට ගියේ මීට මාස කිහිපයකට පෙරයි. එයා යද්දි අපේ දරුවට මාස එකහමාරයි. මගේ මහත්තයත් අනික් අයවත් කරදරයක් නැතිව මෙරටට ගෙන්වා දෙන්න කියලා රජයෙන් සහ අදාළබලධාරීන්ගෙන් මා ඉල්ලා සිටිනවා” යැයි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති නාවික යාත්‍රාවේ ප්‍රධාන නිලධාරීවරයා ලෙස කටයුතු කළ ප්‍රේමනාත් රුවන් සම්පත් මහතාගේ බිරිය වන අනූෂා ලියනගේ (30දා) මහත්මිය පැවසුවාය.
ගාල්ල, තලගහ,කොට්ටවගේවත්තේපදිංචිව සිටින රුවන් සම්පත් මහතාවලල්ලාවිට මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.කලක් ගාල්ල නාවික පුහුණු ආයතනයක පුහුණුවීම් ලබා ඇතිඔහු නාවික යාත්‍රාවල සේවයට ගොස් ඇත්තේ මීට වසර දහයකට පමණ පෙරය.
2015 සැප්තැම්බර් 14 වැනිදා අනූෂා ලියනගේ මහත්මිය සමග විවාහ වී ඇති ඔහු මේ වනවිට මාස හයක කුඩා දරුවෙකුගේ පියෙකි.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව සිටින රුවන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ අනුෂා ලියනගේ මහත්මිය,
“දැනට මාධ්‍යවලින් වාර්තා වෙලා තියෙන දේවල් එක්ක පොදු ජනතාව විදියට අපට මැදිහත් වෙන්න අවස්ථාව ගොඩක් අඩුයි. අපි රජයෙනුත්, ජ්යාත්යන්තරයෙනුත් ඉල්ලා සිටින්නේ මේ සියලු දෙනාම කරදරයක් නැතිව මේ මෙරටට ගෙනැල්ලා දෙන්න කටයුතු කරනන කියලයි.
මේ වතාවේ මහත්තයා ගෙදරින් යද්දි බබා දාලා යන්න ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ. නමුත් රස්සාව කරන්න ඕන කියලයි පිටත් වෙලා ගියේ.
අවසන් වරට මහත්තයා දීපු දරකථන ඇමතුමේදී සාමාන්‍ය දේවල් කතා කළා. දරුවා ගැන ඇහුවා. මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුණාට පස්සේ මහත්තයාගෙන් දුරකථන ඇමතුමක්වත්, ඊමේල් එකක්වත් ලැබුණෙ නෑ. මේ අය කඩිනමින් බේරලා දෙන්න කියලා තමයි අපි අදාළ වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින්නේ” යැයි කියා සිටියේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්