උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික අවදානම හමුවේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට ක්‍රියාකරන ලෙස දකුණු කොරියානු ජනපති සිය ඇමෙරිකානු මිතුරාගෙන් අයැද සිටි බව විදෙස් වාර්තා පවසයි.
දකුණු කොරියවේ සංචාරයක නිරත ඇමෙරිකාවේ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවේ ජනපති මූන් ජේ-ඉන් පවසා සිටියේ මෙම අර්බුදයට රාජතාන්ත්‍රික මට්ටමේ විසඳුමක් සෙවිය යුතු බවයි.
මෙම හමුවට එක්වූ ඇමෙරිකානු හමුදා ජෙනරාල් ජෝසෆ් ඩන්ෆෝඩ් පවසා සිටියේ ඇමෙරිකාවේ ප්රමුඛ අරමුණද රාජතාන්ත්‍රික විසඳුමක් වුවත්, උතුරු කොරියාවේ හැසිරීම හමුවේ යුද සූදානමකින්ද සිටීම වැදගත් බවයි.
මේ අතර, උතුරු කොරියාව මෙම උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, කලාපයේ ඇතිවන ඕනෑම ආකාරයක යුද්ධයක්, න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වීම නොවැළැක්විය හැකි බවයි.
උතුරු කොරියාව පසුගිය මාසයේ දියත් කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් හමුවේ ඔවුන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී දැඩි සම්බාධක පැනවීමක් සිදුවිය.
මෙම සම්බාධක හේතුවෙන් උරණ වූ උතුරු කොරියාව ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත වෙත මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් සකසමින් සිටින බව පැවසීය.
යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඒ වෙනුවෙන් දැඩි ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බව ඇමෙරිකාව පවසද්දී කලාපයේ යුද උණුසුම වැළැක්වීම සඳහා චීනයද මැදිහත් විය.