දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්රමිකයින් බඳවා ගැනීමට පවත්වන කොරියානු ප්රවීණතා ලිඛිත විභාගය වෙනුවට මේ වසරේ සිට අන්තර්ජාලය හරහා පරිගණක ආශ්රිතව (ඔන්ලයින් ක්රමයට) විභාගය පවත්වන බවත් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය පවසයි.
2006 වර්ෂයේදී කොරියානු රැකියා සඳහා භාෂා ප්රවීණතා ලිඛිත විභාගය ආරම්භ වූ අතර එය නොකඩවා වසර 9 ක් පවත්වා තිබේ. මේ වසරේ සිට ශී්ර ලංකාව ඇතුළු රටවල් 4ක ඔන්ලයින් ක්රමය යටතේ විභාගය පැවැත්වීමට නියමිතය.
ඔන්ලයින් විභාගයේදී ලකුණු ලබා දීමේ ක්රමයද වෙනස් වී තිබේ. ඔන්ලයින් විභාගය සඳහා එකවර අපේක්ෂිතයින් 35-40ත් අතර පිරිසකට පෙනී සිටිය හැකි අතර, විභාගය මාස 3ක් පමණ කාලයක් පවත්වනු ලබයි. ඒ අනුව විශාල පිරිසකට විභාගයට පෙනීසිටීමේ අවස්ථාව හිමිවේ.