ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීයෙකු මෙන්ම හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ දයා සඳගිරි මහතා පත් කර තිබේ. ඒ මහතා ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.