කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවිය සියදිවි හානිකර ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ විදුහල්පති සමන් ඉන්ද්‍රරතන මහතා ඊයේ (02දා) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරතන මහතා නියෝග කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වග උත්තරකරු වන හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවියත් දෙමව්පියන්ට සහ එම පාසලේ සිසුවියන් කිහිපදෙනෙකුට ජංගම දුරකථන ඔස්සේ මරණීය තර්ජන එල්ල කර බිය වැද්දීම් සිදුකර තිබෙන බවට කුරුණෑගල මූලස්ථාන පොලීසියේ පැමිණිලි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
විරාජ් බණ්ඩාර - ඇතුගල්පුර/ ජගත් බලල්ල