සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබාදීමට සැලසීම පිළිබඳ කිසිවෙකුටත් ජයඝෝෂා නැගිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අරගලය පවතින්නේ සයිටම් අහෝසි කරගැනීමට බවත්, කොතලාවල ආරක්ෂක පීඨයේ ඉගෙනුම ලැබීමට සැලසීම එක් කරුණක් පමණක් බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා සයිටම් අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනතුරු සයිටම් ආයතනය සම්බන්ධයෙන් අරගල කරන කිසිවෙකුටත් ජයඝෝෂා නැගිය නොහැකි බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.