තමාට එරෙහිව අල්ලස් පැමිණිලි ඉදිරිපත් කළත් ඒ පිළිබඳව බිය නොවන බව විදෙශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවැසුවාය. එසේම තමාව මුදලට ලබාගත නොහැකි බවත් ඇය පැවැසීය.
අද (05 දා) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ඇයි මේ බව සඳහන් කළාය.
"අල්ලස් කොමිසම් 10ක ගියත් මම බය වෙන ගෑනියෙක් නෙවෙයි. අපිව සල්ලි වලට ගන්න බෑ. අපි සල්ලි බලාගෙන වැඩ කරන්නේ නෑ. හැබැයි ඒ කරපු හැම කෙනෙක් සම්බන්ධයෙන්ම මම ඉදිරියේදී කි‍්‍රයාමාර්ග ගන්නවා. මොකද මටත් ගෙවන්න ගොඩක් ණයතුරුස් එහෙමත් තියෙනවා.
මේ ආණ්ඩුව නෑ අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් කළාම අනේ මාව නයෙක් කාලා අද එන්න බෑ කියන අය. දික්කසාද නඩු දානකොට සැමියට එංගලන්තෙ තියෙන ගෙවල්, බැංකුවෙ තියෙන මුදල් ගැන හෙළි කරන බිරින්දෑවරු ඉන්න ඇමතිවරු මේ ආණ්ඩුවේ නෑ. කොටි ත්රස්තවාදීන්ට මුවා වෙලා ඒ අයගේ රත්තරන් වලින් රත්තරන් ආභරණ හදාගත්ත අය ආණ්ඩුවේ නෑ"