එල්.ටී.ටී.ඊ.ත්රස්තවාදී සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා රජය විශේෂ මහාධිකරණයක් පිහිටුවා ඇති අතර, එම නඩු විභාග කිරීම සඳහා මහාධිකරණ කොමසාරිස්වරියක ලෙස අයිරාංගනී පෙරේරා මහත්මිය පත්කර ඇත.
ඒ අනුව කොළඹ 12 බී.එම්.සී. ගොඩනැගිල්ලේ ස්ථාපනය කර ඇති මහාධිකරණ ගොඩනැගිල්ලේ හෙට (30දා) සිට කොටි ත්රස්තවාදී සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩු විභාග කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.