එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංගමයේ පැවැති සම්බාධක ඉවත් කිරීමට ගත් තීරණය කිසිසේත්ම දේශපාලනික තීරණයක් නොවන බව යුරෝපා අධිකරණය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් සඳහන් කරන්නේ මෙය හුදෙක්ම අධිකරණයම තීරණයක් බවත්, එය යුරෝපා සංගමය නියෝජනය කරන රටවල්වල දේශපාලන තීන්දුවක් නොවන බවත්ය.
එසේම අධිකරණ පද්ධතිය ව්‍යවස්ථාදායකයෙන් (යුරෝපා පාර්ලිමේන්තුවෙන්) වෙනස්ව පවතින බවත්, එය ප්රජාතන්ත්රවාදයේ මූලික ලක්ෂණයක් බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.