බ්‍රසීලයේ සිට සීනී කන්ටේනරයක් තුළ සඟවාකොකේන් කිලෝ 91කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මෙනවිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අද (15දා) අවසර දුන්නේය.
සැකකරුවන් තිදෙනා අධිකරණය ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් තිදෙනා ර`දවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නේය.
සිද්ධියට අදාළව මෙතෙක් කරන ලද පරීක්ෂණ වල ප්‍රගතිය දැන්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම කොකේන් තොගය මෙතෙක් ලංකාවෙන් හමුවු විශාලතම කොකේන් තොගය යැයි කීය.