රේගුව විසින් රුපියල් කෝටි 300කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනිමේ සිද්ධිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට ලක්විය. ජනනපතිවරයා ඔරුගොඩවත්ත රේගු අංගනයට ගොස් එය නිරීක්ෂණය කළ අතර වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් ඇගයිමට භාජනය කළේය.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපතිවරයා පැවැසූවේ රජයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ මේ ආකාරයට වැඩ කරනවා දැකීමට ලැබීම සතුටක් බවයි.