දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයේ යෙදෙන සාමන්‍ය බස් රථයක රුපියල් 500,000ක් පමණ වටිනා තේක්ක ලෑලි තොගයක් නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කිරීමට ගත් උත්සාහයක් පොලීසිය විසින් ව්‍යාර්ථ කර තිබේ.
මාතර ගොඩගම පිවිසුම් මාර්ගයේදී මෙම බසර්ථය අත්අඩංගුවට ගෙන තිබුණ අතර හය කොට්ටාව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබුණි.
අධිවේගී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණ අතර එහිදී රියදුරු කලබලයට පත්වීමෙන් බස්රථය ධාවනය වීම නිසා පිවිසුම් දොරටුවටද අලාභ හානි සිදුවිණ.
සිද්ධිය සම්බන්ධයෙන් රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන තිබූ අතර බස්රියේ ආසන යට ලෑලි දමා තිබුණි.
බස්රියේ පිටුපස අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා යනුවෙන් සඳහන් කර තිබුණි.