කේරලයේ හින්දු කෝවිලක ඇති වූ ගින්නෙන් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අද අලුයම් කාලයේදී වෙරළාසන්න පරාවර් නගරයේ පිහිටි හින්දු කෝවිලක මෙම ගින්න ඇති වී තිබෙන අතර, අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් ගබඩා කර තිබූ ගිනිකෙළි තොගයක් ඊට හේතු වී තිබේ.
මෙම ගින්නත් සමග කෝවිලේ ප්‍රධාන ගොඩනැගිල්ලද කඩා වැටී ඇති අතර, සිද්ධියෙන් තුවාල වූ පිරිස 200කට වැඩි බවද කියැවෙයි.
මෙය වචනයෙන් විස්තර කළ නොහැකි ඛේදවාචකයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
තුවාල ලැබූවන් වැඩි දෙනා දැඩි පිළිස්සුම් තුවාල සහිතව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම ගින්න සමග ඇති වූ පිපිරීම් කෝවිලට කිලෝමීටරයක් ඔබ්බෙන් වූ නිවාස කරාද හානි පමුණුවා ඇති බව කියයි.