ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට යළි පත්වීම ශ්‍රී ලංකාවේ අභිමතාර්ථය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එසේම ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම උදෙසා, මූල්‍ය ප්‍රතිපත්ති තව තවත් නිදහස් කරලීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ඒ පිළිබඳ සවිස්තර තොරතුරු එළැඹෙන ජූනි මාසයේ එළිදක්වන බවත් පැවසීය.
අද (08දා) පෙරවරුවේ චීනයේ බෙයිජිං නුවර චයිනා වර්ල්ඩ් හෝටලයේ පැවැති චීන ව්‍යාපාරික සමුළුව අමතමින් ඔහු මේ බව පැවැසීය.
ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක්, සේවා සැපයුම් මධ්‍යස්ථානයක් හා අගය එකතු කිරීමේ වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාව පෙරට ගෙන ඒමට අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.