අවුරුදු ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේදී සහ ප්‍ර‘සිද්ධියේ මැති ඇමතිවරුන් කේ.පීගේ මුදල් පිළිබඳ පිළිතුරු ලබාදුන්නද මංගල සමරවීර මහතාට කැමති පිළිතුරු නොලැබුණ බැවින් ඔහු විවිධ ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (14දා) ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යංශයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
&අතුරුදන්වූවන් පිළිබඳ ජනපති කොමිසමට උපදෙස් ලබාදෙන ජාත්‍යන්තර උපදේශක මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුව සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා විවේචනය කිරීමෙන් ඔහු නොකියා පවසන්නේ ලංකාවේ රාජ්‍ය ප්‍රධානියා ඇතුළු ක්‍රියාකාරී ප්‍රධානීන් වැරදිකරුවන් යැයි*ද රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය.