අභියාචනාධිකරණ විනිසුරු ධුරයේ කටයුතු කළ කේ.ටී.චිත්රසිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (19) පත් කළේය.
මෙම නිර්දේශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබූ අතර, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන්පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමෙන් පසු අදාළ පත්වීම සිදුකළේය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ(19දා), ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු සහ සාමාජිකයින් සමග අදහස් හුවමාරු කර ගැනීමද සිදුවිය.