ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතු කළ ලලිත් - කූගන් මහත්වරුන් පැහැර ගැනීමට අදාළ මීළඟ නඩු විභාගයට සාක්ෂිකරුවන් වශයෙන් පෙනී සිටින ලෙස ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන්ට නොතිසි නිකුත් කිරීමට යාපනය අධිකරණ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඒ අනුව ඇමතිවරයා සහ මන්ත්‍රීවරයා සහභාගි විය යුතු නඩු විභාගය 2015 මාර්තු 25 පැවැත්වීමට නියමිතය. ඊයේ (10දා) ට ලලිත් - කූගන් අතුරුදහන් වී වසර 04 ක් සපිරිණි.