ඔස්ට්‍රේලියාවේ සිදුවූ අනතුරකට ප්‍රතිකාර සඳහා ගිය වියදම් ලෙස ජනපති අරමුදලින් රුපියල් මිලියන 20ක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට අද (14දා) පෙරවරුවේ පැමිණියේය.
2012 වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ මෙම අනතුරින් හිටපු අමාත්‍යවරයාගේ පාදයකට හානි සිදූ අතර ඒ වෙනුවෙන් ජනපති අරමුදලට අමතරව හිටපු අමාත්‍යවරයා අනතුරට පත්වූ හෝටලයෙන් හා ඔහුගේ රක්ෂණයෙන්ද වන්දි ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ප්‍රකාශයක් මගින් පවසා ඇතැයිද වාර්තාවෙයි.