ශ්‍රි ලංකාවේ ප්‍රථම කෙසෙල් බැංකුව හම්බන්තොට වැලිගත්තේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කෘෂි තාක්ෂණික හා ග්‍රාමිය විද්‍යා ආයතන භුමියේ ආරම්භ කර තිබේ.
ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කර තිබෙන විවිධ කෙසෙල් වර්ග ජානගත කර මෙහි වගා කිරීමට පියවර ගෙන තිබේ. දැනට ලංකාව තුළ විවිධ පළාත්වන විවිධ දේශගුණික තත්වයන් යටතේ වගා කෙරුණු කෙසෙල් වර්ග 52 ක් හඳුනාගෙන තිබේ.
ශ්‍රිලංකාවේ බොහෝ දෙනෙකු වැඩි වශයෙන් භාවිතා කරණ පළතුරක් වන කෙසෙල් වගාව තව දුරටත් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙම කෙසෙල් බැංකුව පවත්වාගෙන යයි.
සුරියවැව නුවන් ජයසේකර