කැබිනට් සංශෝධනය පයබරවාට පිටිකර බෙහෙත් බැඳීමක් වැනි බවත් ඇස්බැන්දුම් කර ඵලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණනායක මහතා පැවසීය.
කැබිනට් සංශෝධනය පිළිබඳව ඊයේ (25දා) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“පයබරවාට පිටිකර බෙහෙත් බඳිනවා වගේ නිකම් වැඩ කරලා හරියන්නේ නෑ. මේකට හරි උත්තරයක් ලබාගැනීමට අවශ්‍යයි. නිකම් ඇස්බැන්දුම් වැඩ කරලා හරියන්නේ නෑ. මෙතන කෙලෙහිගුණයක් ඇති පක්ෂයක් වශයෙන් කටයුතු කරන්න තියෙන වෙලාව තමයි ඇවිත් තියෙන්නේ. මේකට පිටින් යනවා නම් ඒකට ලැබෙන උත්තරය වැඩිකල් යන්න ඉස්සර වෙලා ඉරණම පේන්න තියේවි.” යැයි ද පවසා සිටියේය.