කෙරවලපිටියේ සිට කඩවත දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අධිවේගී මාර්ගයේ එක් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි හයසිය හැත්තෑවක් ඇස්තමේන්තු කර තිබෙන බවත්, එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් කිලෝ මීටරයක් සඳහා වැය වි තිබෙන්නේ රුපියල් කෝටි 90 ක මුදලක් පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාක්ච්ඡාවකදී මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ඉදිකරන මාර්ග ඇතුළු සියලුම ව්‍යාපෘති සඳහා අධික මුදලක් වෙන්කිරීමට සිදුව තිබෙන්නේ ඉල්ලීමකින් සහ තරගකාරීත්වයකින් තොරව තනි මතයට ටෙන්ඩර් ලබාදීම නිසා බවයි.