අපහසුතාවකින් තොරව ගොවීන්ට ගොවිතැන් කටයුතු සිදුකිරීමේ අවස්ථාව උදාකර දීම පිණිස ජාතික කෘෂිකාර්මික ණය සුරැකුම් යෝජනා ක්‍රමයක් ඇතිකිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.
අපහසුතාවකින් තොරව ඊළඟ කන්නයේදී ගොවීන්ට ණය ලබාගැනීමේ පහසුකම් සැලසීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
එමෙන්ම ගංවතුර, නියඟ සහ අනිකුත් ස්වාභාවික ව්‍යවසන හේතුවෙන් සිය වගාවලට හානි සිදුවීමෙන් ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකිවන අවස්ථාවකදී පැන නගින අවදානම වෙනුවෙන් ගොවීන්ට සහ බැංකු හා කෘෂිකාර්මික ණය සපයන මූල්‍ය ආයතනවලට ආවරණයක් ලබාදීම එහි තවත් අරමුණක් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබේ.