ජර්මනියේ බර්ලින් නුවර 8 වන වරටත් පවත්වනු ලබන ආහාර හා කෘෂිකර්මාන්තය සඳහා වු ගෝලීය සමුළුවට සහභාගි වන ලෙස ජර්මනියේ තානාපති Dr. Juergen Morhard මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත ඇරයුම් කරන ලදී.
2009 වසරේ සිට පැවැත්වෙන මෙම සමුළුවට ලෝකයේ සෑම රටකම කෘෂිකර්ම අමාත්‍යවරු සහභාගී වෙති. 2016 ජනවාරි 14-16 දක්වා පැවැත්වෙන මෙම සමුළුවේදී කෘෂිකර්මාන්තය සහ නාගරීකරණය පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ජා කිරීමට නියමිතය.
නාගරික වාසස්ථාන සඳහා නිවාස, ජලය, බලශක්තිය, අධ්‍යාපනය සෞඛ්‍ය ආදී පහසුකම් සැලසීම , ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ජර්මනියේ තානාපති Dr. Juergen Morhard මහතා අතර විශේෂ හමුවක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පැවැත්විණි අතර එහිදී මේඅදහස් ඵලවිය.