මාතලේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්මය නගා සිටුවිම සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි අනුවක මුදලක් ලැබි ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා පැවසිය.
හෙතෙම මේ බව සඳහන් කර සිටියේ ඉකුත් (17දා) කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
මාතලේ දිස්ත්‍රික්කය තුළ වැඩි වශයෙන් ගොවි ජනතාව ජිවත්වන ප්‍රදේශයක් වන අතර ගොවින්ගේ ප්‍රශ්න ගැටළු විසදා කෘෂි නිෂ්පාදන වැඩි දියුණු කිරිමට සහ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරිම වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඉදිරි මාස කිහිපය තුළදි ගොවි ජනතාව වෙත මෙම ප්‍රතිලාබ ලැබෙන බවද අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දික අරුණ කුමාර