ගිරිතලේ පශු වෛද්‍ය රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙන ආ වලසෙකු තම කූඩුවෙන් පැනගොස් ඇති අතර අද (24දා) වනජීවී නිලධාරීන් සිදුකළ මෙහෙයුමකින් වලසාට වෙඩිවැදී මියගාස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07ක් පමණ වයසැති වලසෙකි.
අදාළ වලසා පසුගිය 15දා රෝහලට රැගෙනවිත් ඇති අතර 20දා කූඩුවෙන් පැනගිය බවත් පසුව ප්‍රදේශයේ ගම්මානයන්ට කඩාවැදී ගම්වාසීන් පහරදී ඇති අතර අද (24දා) ගිරිතලේ වැව අසල වලසෙකු පුද්ගලයන් දෙදෙනෙකුට පහරදෙන බවට ලැබුණ තොරතුරක් මත එහි ගිය වනජීවී නිලධාරීන්ගේ වෙඩිපහරකට ලක්ව මියගිය බවත් වනජීවී රෝහලේ වෛද්‍ය කලිඟු ආරචිචි මහතා පැවසීය.
හිගුරක්ගොඩ - ඩබ්ලිව්. ඒ පියතිලක