ශ්රී ලංකාවට කඩුලු හයක ජයක්
(UPDATE) සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර මීර්පූර්හි අද (22දා) පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු හයක ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම දැන් සමත්විය. ඒ අනුව 3-0 තරගාවලි ජයක් ශ්රී ලංකාවට හිමිවිය.
ශ්රි ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 240/8 රැස්කිරීමට සමත්විය. එයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.3 වැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් එල්ලකර ලකුණු 246/4 රැස්කර ජයග්රහණය සම්පූර්ණ කළේය.
-------------------------------------------------------------------------------------------------
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තෙවැනි එක් දින තරගයේදී ශ්රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා මීට සුළු මොහොතකට පෙර සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

