කුවේට්හි රැකියා සඳහා ගොස් විවිධ කරදර වලට ලක් වූ කාන්තාවන් 109 දෙනෙකු අද (29දා) අලුයම ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවකින් හා කටාර් ගුවන් සේවයට අයත් යානාවකින් දිවයිනට පැමිණ තිබේ.
වීසා කාලය ඉක්මවා සේවයේ යෙදී සිටීම, ගිවිසුම් ගත රැකියාව නොලැබීම, විවිධ ශාරීරික හිංසන ඇතුලු ගැටලු රැසකට පිරිස මුහණ දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.