නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය පීඨය සඳහා ඩොලර් මිලියන 34ක (රුපියල් මිලියන 5096.94ක) ණයක් ලබාදීමට කුවේට් රජය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය හා මෙම ණය ගිවිසුම අත්සන් කර ඇති අතර කුවේට් අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන 14 වැනි ණය පහසුකම මෙය වෙයි. ඔවුන් අවස්ථා 13කදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති සමස්ථ ණය මුදල ඩොලර් මිලියන 213ක් බවයි කුවේට් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේ.