කුලියාපිටියේ පොල් කැඩූ පුද්ගලයන් උතුරේ කාර්යාල කාර්ය සහායක හා ආරක්ෂක නිලධාරීන් ලෙස යොදවා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවැසීය. බැඳුම්කර විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
" දමිළ භාෂාව කතාකරන ජනතාව 100% ක් සිටින ප්රදේශවලට දමිළ භාෂාව කතා කළ නොහැකි අය සේවයේ යොදවා තිබෙනවා. යාපනය කච්චේරියේ සේවය කරන රියදුරන් හය දෙනෙක් ගාල්ලෙන් පැමිණ තිබෙනවා. ඇයි ගාලු රියදුරන් යොදවා තිබෙන්නේ. කුලියාපිටියේ පොල් කඩන පුද්ගලයින් උතුරේ කාර්යාල කාර්ය සහායකයින් හා ආරක්ෂක නිලධාරීන් ලෙස සේවයේ යොදවා තිබෙනවා. පොල්මිල ඉහළ යන්නත් හේතුවක් වන්නේ පොල් කැඩිමට පුද්ගලයන් නොමැති වීමයි. "