වයඹ පළාත් සභාව යටතේ ඇති කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වයඹට අමතරව, සබරගමුව, මොරටුව යන විශ්වවිද්‍යාල වලද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට නියමිතය.
කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. රජයට පවරා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමට කමිටුවක්ද පත්කොට ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශය, වයඹ විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පත් කර ඇත.