කුරූණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ අද (07දා) අලුයම 4.30ට පමණ ගින්නක් ඇතිව තිබේ. එයින් රුපියල් මිලියනයක පමණ අලාභයක් සිදුව ඇති අතර බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වාට්ටු කිහිපයක් විනාශයට ලක්ව තිබේ.
බාහිර රෝගී අංශය විනාශ වීම හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර වෙනත් ස්ථානයක පවත්වාගෙන යන බව වැඩබලන අධ්යක්ෂ චන්දන කඳන්ගම මහතා පැවැසීය.