කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ යෝජනාවක් මත චීන සමූහාන්ඩුවේ එකඟතාවයෙන් ව්‍යාපෘතිය ආරම්භවේ. 2016-2020 පස් අවුරුදු සැලැස්මක් යටතේ ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ දුර කිලෝ මීටර් 80 කි.
ෂෙහානි දිල්රුක්ෂිකා