කලාකරුවන් පිරිසකට කුරුණෑගල කුඹුක්ගැටේ ප්රදේශයේදී ඊයේ (29දා) එල්ල වූ මැර ප්රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම ප්රමාද කරමින්, ප්රහාරයේ වගකීම එම කලාකරුවන් වෙතම පැටවීමේ ආණ්ඩුවේ උත්සාහයක් තිබෙන බව, අලුත් පරපුර සංවිධානය සඳහන් කළේය.
කෝට්ටේ සෝලිස් ශාලාවේ අද (30දා) පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානය මේ බව පැවසීය.
පොලිස් අවසරය ලබාගෙන අදාළ ප්රසංගය පැවැත්වීමට කටයුතු කළද, පොලිස් අවසරයකින් තොරව පවත්වා ඇතැයි චෝදනා කරමින් එම ප්රහාරයේ වගකීම වෙනතකට යොමුකෙරමින් තිබෙන බව මෙම අවස්ථාවේදී එක්වූ කලාකරුවෝ පැවසූහ.
ඊයේ එල්ල වූ ප්රහාරයෙන් තුවාල ලැබූ ලක්ෂ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා, විපුල ධර්මවර්ධන ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් මෙම ප්රවෘත්ති සාකච්ඡාව එක්ව සිටියහ.
මේ අතර එම අවස්ථාවේදී සෝලිස් හෝටලය අසල මාර්ගයේ ජනාධිපතිවරයාගේ රුව සහිත පෝස්ටර් ඇලවූ වෑන් රථයක් නවතා තිබූ අතර, යම් පිරිසක් සමග බස් රථයක්ද නවතා තිබෙනු දක්නට ලැබුණි.