කුරුණෑගල දුම්රිය ස්ථානයේ දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
අදාළ පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක රථගාලක් පවත්වා ගෙන යන බවත්, ඒ සඳහා මාසිකව රුපියල් 30,000ක මුදලක් දෙපාර්තමේන්තුව විසින් අය කරගන්නා බවද එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
මෙම පුද්ගලයා විසින් අත්පත් කරගත් රක්ෂිත භූමියෙන් රථ ගාලක් පවත්වාගෙන යන බවත්, ඒ හරහා ඔහු දෛනිකව විශාල ආදායමක් උපයා ගන්නා බවද පවසා සිටියේය.
රක්ෂිත භූමිය තුළ දුම්රිය අලුත්වැඩියා කටයුතු හා අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය උපකරණ තැන්පත් කර තිබූ බවත්, මේ නිසා එම කටයුතුවලට මේ වනවිට දැඩි බාධා සිදුවෙමින් තිබෙන බවද සම කැඳවුම්කරු පවසා සිටියේය.