කුරුණෑගල, වැවගෙදර ප්රදේශයේ පිහිටි යක්දෙස්සාගල කඳු මුදුනේ විශාල කළුගලක් ඊයේ (23දා) රාත්රියේ පිපිරීමකට ලක්වීම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස එම කඳු පාමුල පදිංචි පවුල් තිහක් පමණ නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගත් බව කුරුණෑගල දිස්ත්රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
රාත්රියේදී විශාල ශබ්දයක් කඳු මුදුන දෙසින් ඇසී තිබෙන අතර, ප්රදේශවාසීන් ඒ පිළිබඳව පොලීස් හදිසි ඇමතුම් අංශය, පාස්පොත ප්රාදේශීය ලේකම්වරියට සහ දිස්ත්රික් ආපදා කළමනාකරණ කාර්යාලයට දැනුම්දී ඇත.
ඒ අනුව අද (24දා) පෙරවරුවේ කළ සොයා බැලීමකදී යක්දෙස්සාගල කඳු මුදුනේ පිහිටි විශාල පිහිටි ගලක් පිපිරීමකට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව යම් හෙයකින් මෙහි ගල් කැබලි පවතින අයහපත් කාලගුණය අනුව පහළට පෙරළී ඒමේ අවදානමක් ඇතිවේයැයි සිතා පූර්ණ විමර්ශනයක් කෙරෙන තුරු කඳු පාමුල පදිංචිකරුවන් තාවකාලිකව ඉවත් කරවීමට පියවර ගත් බව කුරුණෑගල දිස්ත්රික් ආපදා කළමනාකරු සිසිර වන්නිනායක මහතා පැවසීය.