කුමාර් ගුණරත්නම්ට ලබාදුන් නඩු තීන්දුව ගැන ගැටලුවක් නැති බවත් ඔහුට පුරවැසිභාවය ලබාදීම සම්බන්ධ ප්රශ්නයේදී ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් දේශපාලන පළිගැනීමක නිරත වන බවත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
පළමු වතාවට සිරකරුවෙකු වැලිකඩ ගෙන නොයා අනුරාධපුර බන්ධනාගාරයට ගෙනයාමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් කුමාර් ගුණරත්නම්ගේ අකමැත්ත මැද ආණ්ඩුවේ බලධාරීන්ගේ උවමනාකම් මත මෙය සිදුවූ බවට ද හෙතෙම චෝදනා කළේ අද පැවති මාධ්යහමුවේදීය.