රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද (24දා) කෑගල්ල මහසේත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අවස්ථාව ලබා දුන්නේය.
එහිදී අදහස් දක්වමින් කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කළේ තමන් කෑගල්ලේ හැදි වැඩී උසස් අධ්‍යාපනයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සමයේ ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වූ බවත්, පසුව ජවිපෙ ධනේෂ්වර ක්‍රමය සමග එක්ව කටයුතු, කිරීමට පටන්ගත් හෙයින් 2011 වසරේදී තමා එයින් ඉවත් වූ බවත්ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවාගෙන කටයුතු කරද්දී තමාට ජීවිත තර්ජන පවා එල්ල වූ බව පැවසූ කුමාර් ගුණරත්නම් වැඩිදුරටත් පැවසුවේ තමන් විදේශගත වූවේද ඒ හේතුව නිසා බවයි.
තමා විදේශගතව සිටියදී වරින්වර සිය පුරවැසිභාවය ඉල්ලා සිටි බවත්, එහෙත් අධිකරණය ප්‍රකාශ කළේ එය දේශපාලන අධිකාරිය සමග විසඳාගත යුතු බවත්ය. මෙසේ තමන් සිරගත කොට තබන්නේ තම දේශපාලන ගමන නතර කිරීමට බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය
මෙම නඩුවේ තීන්දුව මෙම මස 31 වනදා ලබාදීමට නියමිතය.
වසන්ත රෝහණ - කෑගල්ල