පාර්ලිමේන්තු සභා ගර්භයේ පවතින මයික්‍රෝෆෝන ඊයේ (08දා) ක්‍රියාවිරහිත වූයේ තාක්ෂණික දෝෂයක් නිසා බවත් එය කුමන්ත්‍රණයක් නොවන බවත් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (09දා) දැනුම් දුන්නේය.
ඊයේ ඇතිවූ මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් පාර්ලිමේන්තුව අදට කල් දමනු ලැබීය. ඒ අනව අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවද ඊයේ විභාගයට නොගත් අතර එයද අදට කල් දැමීය.